ලෝකයේ රට වලට ආවේණික වු විවිධ ගංඟාවන් රැසක් තියෙනවා. ගංඟාවන් ආශ්‍රිතව තමයි මානව පුරාණ ඉතිහාසය තුළ මුල්ම ජනාවාස නිර්මාණය වුනේ. යුප්‍රටීස් - ටයිග්‍රීස් ශිෂ්ඨාචාරය, නයිල් ශිෂ්ඨාචාරය, හොවැංගෝ ශිෂ්ඨාචාරය ඒ සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලංකාව ගත්තහම මහවැලි ගංඟාව අතීතයේ පටන්ම ඵෛතිහාසිකවත්, සමාජමය වශයෙනුත්, මානව වංශ කථාව තුළත්, ආර්ථීකමය වශයෙනුත් ඉතා ප්‍රමුඛව ගංඟාව ලෙස හඳුනාගන්න පුළුවන්. වංශ කථා සාධක වල දැක්වෙන පරිදි මහවැලි ගංඟාව අතීතයේදී ගංඟා, මහා කන්දර නජ්ජා හෙවත් මහ කදුරු නදිය, මහා ගංඟා, මහා වාලුකා ගංඟා, මාවිලි ගඟ ආදී නාමයන් රැසකින්ම හඳුන්වා තිබෙයි. සමහර ඵෙතිහාසික ලේඛණ වල මහවැලි ගංඟා බිසවුන් වහන්සේ යනුවෙන් ද හඳුන්වා තිබෙනු අතීතය පිරික්සීමේදී හඳුනා ගත හැකිවෙයි. එවන් සමාජමය, සංස්කෘතිමය, සෞන්දර්ය මෙන්ම, ඵෙතිහාසිකවත් වටිනාකමින් යුතු මහවැලි ගංඟාව මෑත ඉතිහාසයේ වඩාත් කතා බහට ලක් වන්නේ මහවැලි ගංඟාව මුල් කොට ගෙන ආරම්භ කරනු ලැබු බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසාවෙනි. 1970 පෙබරවාරි 28 වෙනිදා පොල්ගොල්ල හැරවුම ඉදි කිරීම අරඹමෙන් මෙරට තුළ ස්ථාපිත වන මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ මුල්ම ඉදි කිරීම් එවක සමගි පෙරමුණු රජයේ අග්‍රාමාත්‍ය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මුලිකත්වයෙන් 1976 ජනවාරි 8 වෙනිදා විවෘත කරනුයේ පොල්ගොල්ල ජලාශයේ ඉදි කිරීම් වල නිමාව සනිටුහන් කරමිනි. 1977 දී කඩිනම් සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර, 2020 පෙබරවාරි 28 වෙනිදාට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට හරියටම අවුරුදු 50 ක් සපිරේ. එලෙස අඩ සිය වසක් ගෙවමින් උදා වන්නේ බොහෝ ව්‍යාපෘති නිමවීමෙන් පසු එහි ප්‍රතිලාභ ජනතාවට අත්විදිය හැකි කාල පරිච්ඡේදයයි. එහෙවින් එළඹෙන දශකය තුල මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුල මහවැලි ජනපදවාසීන්ගේ ආර්ථීකය ශක්තිමත් කෙරෙන නව්‍ය වු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කළ යුතුවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය තුළ ඒ සඳහා හොඳ සමාජමය වට පිටාවක් “වැඩ කරන රටක්” ලෙසින් නිර්මාණය වී තිබේ. ඒ සඳහා ආශිර්වාදාත්මක නිසි මග පෙන්වීමකුත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබී තිබේ. දශක ගණනාවක් තුළ මෙරට ජනදුක වෙනුවෙන් පෙනී සිටි ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගෙන් ලැබී තිබේ. දශක ගණනාවක් තුළ මෙරට ජන දුක වෙනුවෙන් පෙනී සිටි ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මහවැලි සංවර්ධන විෂය වෙනුවෙන් ලැබී තිබේ. එහෙයින් අපට දැන් උදා වී තිබෙන්නේ මෙරට මුළු භූමියෙන් 1/3 කට ආසන්නව තිබෙන මහවැලි කලාප ආර්ථීකවත්, සමාජමය වශයෙනුත් සංස්කෘතිමය වශයෙනුත් ඔසවා තැබීමයි. ඒ සඳහා අප අනවරතව වැඩ කළ යුතුයි. ලෝකයේ අළුත් තාක්ෂණය මහවැලි කලාප බල ගන්වන්නට යොදා ගත යුතුයි. මහවැලි කලාප තුළින් වැඩි වැඩියෙන් ජල විදුලි බල උත්පාදනයට අමතරව සූර්ය විදුලි බල උත්පාදනය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව වෙත යොමු විය යුතුයි. පරිසරයත් ආරක්ෂා කරමින් අළුත් වන වගා ඇති කරමින් භූමි සම්පත උපරිම අයුරින් යොදා ගත යුතුයි. ඇග්‍රෝ ටුවරිසම්, එකෝ ටුවරිසම් වැනි නව මානයේ සංචාරක වැඩ පිළිවෙලවල් මහවැලි කලාප දහය තුළ අළුත් පිම්මකින්, නව ජවයකින් ආරම්භ කළ යුතුයි. එවිට අපට මහවැලිය යනු රට නංවන මහා ව්‍යාපෘතියක් බව පසක් කරගත හැකි වේවි. එනිසා ගෙවුනු පනස් වසරක මහවැලියෙ අත්දැකීම් මතින් අපි ඉදිරි සියවස උදෙසා නොබිදෙන අඩිතාලමක් අද පටන්ම දැමීමට පෙරමුණ ගත යුතුයි. ඒ සඳහා මුළු මහවැලි කලාප තුළ මානව සම්පතත්, මහවැලි කලාප තුළ උත්පාදනය කරන නව ආර්ථීක මාර්ගයන් මුළු රටටත්, මුළු ලෝකයටත් ගෙන යාමට මුළු රටේම මානව සම්පතත් අපට දිරියක් ආලෝකයක් වේවායි ප්‍රාර්ථනයක්ද කරන්නෙමි.
රොෂාන් රණසිංහ
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
Message of Hon. Roshan Ranasinghe, Minister of Mahaweli Development