මහවැලි එල් කලාපයේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පළාත් දිනය මහවැලි සංවර්ධන රාජ්‍යඅමාත්‍ය  රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිඔය මහවැලි ශ්‍රවණාගාරයේදී 2020 පෙබරවාරි 11 වෙනිදා පැවත්විණි. මෙහිදී රාජ්‍යඅමාත්‍ය රොෂාන් රණසිංහ මෙලෙස අදහස් දැක්වීය.


"අපේ නව රජයේ වැඩපිළිවෙළ තමයි මහවැලි කලාප දහය තුළ සියළු ජනපදිකයන් ගොවි ආර්ථිකයෙන් ඉදිරියට රැගෙන ගොස් නව ලෝකයට ගැලපෙන අයුරින් කඩිනම් ආර්ථික සංවර්ධනක් අත්කරදීමයි.ඒ වෙනුවෙන් අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන්, ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීමෙන් උපරිමව කැපවෙනවා."


මෙහිදී මහවැලි ජනපදිකයන්ට ඇති ගැටළු දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර කිවුල් ඔය ජලාශ ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක කරන බවත්, වැව්වල රොන්මඩ ඉවත්කර ප්රතිසංස්කරණය කොට දෙන බවත්, ජනතාව තුලින් මතුවූ ගැටළුවක් වූ වැලිඔය පරිපාලනය බෙදීම රජය සමග සාකච්ඡා කොට කඩිනමින් විසදා දෙන බවටත්, ධීවර හා ජලජ සම්පත් අමාත්යංශය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට එමගින් ලැබෙන ප්රතිලාභ මහවැලි කලාපවල ධීවර කර්මාන්තයට අත්කර දෙන බවත් මෙහිදී රොෂාන් රණසිංහ රාජ්ය අමාත්යතුමන් තව දුරටත් ප්රකාශ කළේය. මෙම අවස්තාවට ධීවර හා ජලජ සම්පත් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත , වන්නි දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, ප්රාදේශීය දේශපාලන නායකය, වැලිඔය ප්රදේශයේ ගම්වාසීන් ඇතුළු ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින් රැසක් එක්ව සිටියහ.




මාධ්‍ය ඒකකය

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය



මහවැලි එල් කලාපයේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පළාත් දිනය