දුප්පත්කම තුරන් කර සතුටින් සිටිය හැකි සමාජයක් නිර්මාණය කිරීම සඳහා ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් පුළුල් කිරීම ට රජය ප්‍රමුඛතාවය ලබා දී ඇතිබව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා කියා සිටියි.
රාජ්‍ය අමාත්‍ය වරයා පෙන්වා කොවිඩ් 19 වෛරස වසංගතය හමුවේ රටේ ආර්ථිකය අඅභියෝගයකට ලක්ව තිබුණ ද ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිසිඳු අඩුවකින් තොරව පවත්වා ගෙන යාමට රජය පියවර ගෙන ඇති බවයි.
හෙතෙම මේ බව කියා සිටියේ
රඹකැන්ඔය මහවැලි කලාපයේ රිදීමාලියද්ද කොට්ඨාසයේ ජීවනෝපාය සංවර්ධන හා සමාජ සුබ සාධන, සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 300 ක මූල්‍ය ආධාර සහ උපකරණ බෙදා හැරීමේ අවස්ථාව ට (2021/11/29) සහභාගී වෙමිනි.
රිදීමාලියද්ද මහවැලි කොට්ඨාස කාර්යාලයේ පැවති මෙම භාණ්ඩ හා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතලපහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා ද එක්ව සිටියේ ය.
මෙහිදී ප්‍රතිලාභී ජනතාව හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා කියා සිටියේ රිදීමාලියද්ද මහවැලි කොට්ඨාසයේ සමාජ සුබ සාධන, සනීපාරක්ෂක, පානීය ජලය සැපයූම සහ ජීවනෝපාය වැඩසටහන් සඳහා 2021 වසරේ දී රුපියල් මිලියන 165 ක් වැය කර ඇතිබවයි.
ග්‍රාමීය සංවර්ධනය සහ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැඩි උනන්දුවකින් කටයුතු කරන බවත්, ජනාධිපති තුමා ගේ අභිලාෂය වන්නේ රටේ සියළු ජනතාව සතුටින් ජීවත් වනවා දැකීම යැයිද පැවැසීය.
මෙවර අයවැය නිරීක්ෂණය කිරීමේ දී ග්‍රාමීය සංවර්ධනය සඳහා විශාල මුදලක් වෙන්කර ඇති බව හඳුනා ගත හැකියි. රිදීමාලියද්ද වැනි ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව ගේ ආර්ථිකය ගොඩ නැගීම සඳහා මහවැලි අධිකාරියට අත්හළ නොහැකි වගවීමක් ඇතිබවත්, ඒ සඳහා සියළු නිලධාරීන් කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවත් සිරිපාල ගමලත් මැතිතුමා සඳහන් කළේ ය.
රාජ්‍ය මුදල් ජනතාව ගේ සුබ සාධනය සඳහා යෙදවීමේදී , නිවැරැදි ප්‍රප්‍රතිලාභියා හඳුනා ගැනීම ඉතා වැදගත් බවත්, එමෙන්ම එය නිවැරැදි , ක්‍රියා පටිපාටිය යටතේ විනිවිදභාවයකින් සිදුවිය යුතු බවත් අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය වරයා ප්‍රධාන අරමුණ විය යුත්තේ ජනතාව ගේ ජිවිත යහපත් කිරීම බවද පැවැසීය.
මෙහිදී ගොවිපවුල් 126 දෙනෙකු අතරේ ප්‍රතිලාභ ප්‍රදානය කෙරිනි.
රිදීමාලියද්ද ප්‍රදේශිය සභාවේ සභාපති නිශාන්ත ජයසුන්දර මහතා, මහවැලි ආයතන සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර අබේවර්ධන, රඹකැන්ඔය කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඔස්මන්ඩ් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
සිසිර විජේසිංහ
මාධ්‍ය ලේකම්
මහවැලි සංවර්ධන රාජ්‍ය අාත්‍යාංශය
දුප්පත්කම තුරන් කර සතුටින් සිටිය හැකි සමාජයක්