එළඹෙන 2022 වසරේ මහවැලි කලාප සංවර්ධනයේ දී  ජීවනෝපාය වැඩසටහන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් ට උපදෙස් දෙයි.

රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව  දැනුම් දුන්නේ

අද(13) සිය අමාත්‍යාංශයේ  පැවති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ   මාසික  ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.

2021 වසරේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් ක්‍රියාත්මක  කළ  වැඩසටහන් සම්බන්ධයෙන් ප්‍රගතිය සහ ඉදිරි වසරේ  ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන  වැඩසටහන් පිළිබඳව  මෙහිදී  පුළුල්ව අවධානය  යොමු කෙරිණි.


මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා   නිලධාරීන් ට උපදෙස් ලබා දෙමින් ප්‍රකාශ කළේ ඉදිරි වසර  තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත   සියළු  මහවැලි  ව්‍යාපෘති ජනවාරි මුල්  සති දෙක ඇතුළත ආරම්භ කරන ලෙසයි.


කෘෂි කාර්මික, පශු සම්පත් , මිරිදිය ධීවර, වාරිසෞභාග්‍යයා යටතේ  මහවැලි  වැව් ප්‍රතිසංස්කරණය, ඉඩම් ඔප්පු ප්‍රදානය, සහ  මහවැලි  ජනපදිකයින් සඳහා වන සමාජ  සුබ සාධන  වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.


මෙම අවස්ථාවට  මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා  ඇතුළු  නිලධාරීහූ පිරිසක් සහභාගි වී සිටියහ.


සිසිර විජේසිංහ

මාධ්‍ය ලේකම්

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය











2022 වසරේ මහවැලි කලාප සංවර්ධනය