මහවැලි ඩී කලාපය ට අයත්  මැදිරිගිරිය ප්‍රදේශයේ , ගොවි පවුල්  12 500 ක් සඳහා

පොල් පැල 25 000 ක් බෙදා  හැරේ...

මහවැලි  ඩී කලාපය ට අයත්  මැදිරිගිරිය  කොට්ඨාසයේ    සියළු  ගොවිපවුල්  සඳහා පොල් පැල දෙක  බැගින් පොල් පැල 25000 ක් බෙදා  හැරීම,  මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  මීගස්වැව මහවැලි  කොට්ඨාස කාර්‍යාල පරිශ්‍රයේදී සිදුකෙරිනි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන  හතරක්  වැය කර පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් මිලට ගෙන මෙම පොල් පැල බෙදා හරින ලදි.

ඒ අනුව  මහවැලි  ඩී කලාපය ට අයත්  මැදිරිගිරිය  මීගස්වැව, බිසෝපුර, සහ කන්තලේ සූරියපුර ප්‍රදේශයේ මහවැලි ගොවි පවුල් වෙත  මෙම පොල් පැල බෙදා හැරීම ආරම්භ කළ බව  මහවැලි  ඩී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර  ගාමිණී ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

ඡායාරූපවලින්  දැක්වෙන්නේ  මහවැලි සංවර්ධන  රාජ්‍ය  අමාත්‍ය සිරිපාල ගමලත් මැතිතුමා විසින්  සංකේතාත්මක ලෙස  පොල් පැල බෙදා හැරි අවස්ථාව සහ  පොල් පැලයක් රෝපණය  කළ ආකාරයයි.

මෙම අවස්ථාවට  ප්‍රදේශයේ  ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ , ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගි වී සිටියහ.


සිසිර විජේසිංහ

මාධ්‍ය ලේකම්

මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය










ගොවි පවුල්  12 500 ක් සඳහා පොල් පැල 25 000 ක් බෙදා  හැරේ...


පොල් පැල 25 000 ක් බෙදා  හැරේ.???? ??? 25 000 ?? ????  ????.