2022 දියර කිරි නිෂ්පාදන  සංග්‍රාමය ජය ගන්න පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය සහ මහවැලි රාජ්‍ය අමාත්‍යංශය සමඟ එක්වෙයි.

*** තීන්දු රැසක් කෙටියෙන්

+ මහවැලි කලාපය විශේෂ කිරි නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම.

+ මහවැලි කලාපයේ තෝරාගත් ගොවි පවුල් අතරින් කෘතීම සිංචනය සඳහා තරුණයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩසටහනක්.

+ පැස්ටරිකරණය කරන ලද දියර කිරි පැකට් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරිම.

+ කිරි හරකෙක්, එළුවෙක්, කුකුල් පැටවු කිහිප දෙනෙක් හා ජීව වායු ඒකකයක් සහිත ගොවි නිවාස සංකල්පය ජනගත කිරීම.

+ 2022 වසරේ මහවැලි කලාපයේ පමණක් දියර කිරි ලීටර් මිලියන 50 ක ඉලක්කයක් සපුරා ගැනීම.

+ තෘණ වගා ව්‍යාපෘති 1680 ක් මාස -3 ක් ඇතුලත ආරම්භ කිරීම. - රු. මි. 39 ක් වෙන් කිරීම.

+ පසුගිය වසරේ පශු සම්පත් ක්ෂේත්‍රයෙන් පමණක් මහවැලි කලාපයේ ලබා ඇති අමතර ආදායම රු. බිලියන 15 ක් බව හෙළිවීම.

+ මහවැලි කලාපය තුල දියර කිරි බෙදා හැරීමේ ජංගම රථ යෙදවීම.

දියර කිරි ජාතික අස්වැන්න වැඩිකිරීම වාරිමාර්ග අමාත්‍යංශයේ හා මහවැලි රාජ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීම ලබා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (04) දින මහවැලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වින. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්  රාජ්‍ය අමාත්‍ය D. B. හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.


2022 කිරි සංග්‍රාමයේදී මහවැලි කලාපයේ විශේෂ කිරි නිෂ්පාදන කලපයක් ලෙස නම් කිරීමට මෙහිදී තීරණය කෙරිණ. පශු සම්පත් කටයුතු උදෙසා මහවැලි රාජ්‍ය අමාත්‍යංශය 2022 වසර සඳහා රු. මි. 133 ක්ද කුකුළු පාලනය සඳහා රු. මි. 68 ක් ද වෙන් කර තිබේ.


පසුගිය වසර දෙක තුල මහවැලි කලාපයේ දියර කිරි අස්වැන්න කිරි ලීටර් මිලියන 28 සිට මිලියන 41 දක්වා ඉහල නංවාගෙන ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නන්වා  තිබීම ප්‍රශංසනීය තත්වයක් බවත් 2022 තුල මහවැලි කලාපයේ සියලුම සමෘද්ධි ලාභී පවුල් ආර්ථික ක්‍රියාවලියට යොමුකරවන ලෙසත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දෙනු  ලැබීය. ඒ සඳහා කිරි ගවයෙක්, එළුවෙක්, කුකුල් පැටවු කිහිප දෙනෙක්, ජීව වායු ඒකකයක් එම සමෘද්ධි පවුල් වෙත ලබා දීමට යෝජනා විය.


පසුගිය වසර තුල ගොවිපොළ 834 ක්, සංවර්ධනය කර ඇති අතර තරුණ වගා නියමු ව්‍යාපෘති ලෙස අක්කර 1/4 ඉඩම් 152 ක් තෘණ වගාව වෙත යොමුකර තිබේ. සයිලේජ් බැරල් 1213 ක් ද ගොවින් අතර බෙදාදී තිබිණ. මහවැලි කලාපය තුල කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 472 ක් පවතින අතර ඒවා වෙත එකතු වන කිරි ප්‍රමාණය අඛණ්ඩව ලේඛනගත කිරීම සිදු කෙරේ.


2022 වසරේ පශු සම්පත් ක්ෂේත්‍රය උදෙසා මහවැලි කලාපය දක්වා ඇති සක්‍රිය දායකත්වය නිසා කලාපයේ පෝෂණ අවශ්‍යතාවය ඉහල නංවා ඇති අතර දරිද්‍රතාවයද දුරුවී යනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්  මහතා මෙහිදී අවධාරණය කළේය. තවද කිරි ගොවි කර්මාන්තයට අවශ්‍ය ඉඩම් නිසි අධීක්ෂණයක් යටතේ මුදා හැරීමටද එකඟත්වය පල කළේය.


කොළඹට දියර කිරි බෙදා හැරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) හා මිල්කෝ ආයතනයට ජනවාරි මාසය ඇතුලත ජංගම අලෙවි රථ 02 බැගින් යෙදවීමට තමා  උපදෙස් දුන් බවත්, මහවැලි කලාපය තුලද එසේ ජංගම අලෙවි රථ යෙදවීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මෙහිදී කියා සිටියේය.


නිසිවේලාවට කෘතීම සිංචනය කරවීමේ ගැටලුවට විසඳුමක් ලෙස කලාපයේ ගොවිපවුල් වලින් තෝරා ගත් තරුණයින් ඊට පුරුදු කරවීමේ වගකීම ජාතික සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව වෙත  පැවරිණ. ඊට අවශ්‍ය තරුණයින් සොයා දීමේ වගකීම මහවැලි අධිකාරියට පැවරිණ.


මෙම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරුණ සමරදිවාකර මහතා, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහත් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.








2022 දියර කිරි නිෂ්පාදන  සංග්‍රාමය ජය ගන්න

පොල් පැල 25 000 ක් බෙදා  හැරේ.???? ??? 25 000 ?? ????  ????.