මහවැලි සී කලාපයේ 2021 සංවර්ධන වැඩසටහන් වලට අදාළ ප්රගතිය හා ඉදිරි ඉලක්ක පිළිබදව සාකච්ඡාවක් 2022/02/08 වන දින මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා පොදු යටිතල පහසුකමි සංවර්ධන රාජ්ය අමාත්ය ගරු සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් රාජ්ය අමාත්යාංශ ලේකම් තුමිය සහ අධ්යක්ෂ ජනරාල් තුමාගේ සහභාගීත්වයෙන් මහවැලි ශාලිකා ශාලාවේදී  පැවැත් වු අතර නියෝජ්ය අධ්යක්ෂ  ජනරාල් (සංවර්ධන ) හා අධ්යක්ෂ (සැලසුම්  හා නියාමන ) ප්රධාන කාර්යාලය නියෝජනය කරමින්  එම අවස්ථාවට සහභාගි විය.


සී කලාපයේ නේවාසික ව්යාපාර කළමණාකාර තුමා,නියෝජ්ය නේවාසික ව්යාපාර කළමණාකාර (තාක්ෂණසේවා ,කෘෂිකර්ම, පාලන, ඉඩම්, සංවර්ධන) යන මහත්ම මහත්මින් හා ගිරාදුරුකෝට්ටේ, මැදගම,සදුන්පුර, මහවනාවෙල, වෙහෙරගල, සිරිපුර,නුවරගල යන කොට්ඨාශ හතෙහි කොට්ඨාශ කලමණාකරුවන් මෙන්ම එක් එක් අංශ වල අංශ ප්රධාන මහත්ම මහත්මීන්,හා ඒකක 31 හි ඒකක කළමණාකාරවරුන් හා ක්ෂේත්ර සහකාරවරුන්ද එම අවස්ථාවට සහභාගි වූහ.


එහිදී, රාජ්ය අමාත්යතුමන්ගේ හා ලේකම්තුමියගේ අදහස් දැක්වීමෙන් අනතුරුව  2021 වර්ෂයෙහි කලාපය අත්කර ගත් ප්රගතිය සම්බන්ධයෙන් නේවාසික ව්යාපාර කළමණාකාර තුමා විසින් ඉදිරිපත් කිරීමක් සිදුකළ අතර,2022 වර්ෂයෙහි ඉදිරි ඉලක්ක හා ගමන් මග පිළිබදව අධ්යක්ෂ ජනරාල් තුමා විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් පැමිණ සිටි සියලු ක්ෂේත්ර කාර්ය මණ්ඩලය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන ලදි.


මහවැලි සී කලාපයේ 2021 සංවර්ධන වැඩසටහන් වලට අදාළ ප්‍රගතිය හා ඉදිරි ඉලක්ක ය