Copyright © 2020 Mahaweli Authority of Sri Lanka. All Rights Reserved.
Developed By H.D.Amal Tharanga, PMU-MASL

සිංහල
English
தமிழ்
උපදෙස් පත්‍රිකාව
මහවැලි කලාපවල ආයෝජන ව්‍යාපෘති සදහා ඉඩම් බැහැර කිරීම - 2026 වර්ෂය
ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීම,ආර්ථිකය ශක්තිමත් කිරීම,විදේශ විනිමය උත්පාදනය කිරීම සහ රැකියා ජනනය මූලික අරමුණ කරගනිමින් මහවැලි කලාප ආශ්‍රිතව කෘෂිකාර්මික හා වෙනත් විවිධ වාණිජ ව්‍යපෘති සඳහා ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ආයෝජකයින් සඳහා ලබාදීම සිදුකරනු ලැබේ.
ඒ අනුව විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට හදුනාගත් ඉඩම් සඳහා ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කිරීම හෝ යම් ව්‍යාපෘතියක සුවිශේෂීතාවය පදනම් කරගෙන ගරු විෂයභාර අමාත්‍යවරයා වෙත 1979 අංක 23 දරණ මහවැලි අධිකාරී පනතේ පැවරී ඇති බලතල මත රජයේ ඉඩම් ආඥා පනතේ 21(1) රෙගුලාසි යටතේ ගරු අමාත්‍යවරයා විසින් වරණීය පදනම මත කටයුතු කිරීම සඳහා ලබාදෙනු ලබන පුර්ව අනුමැතිය මත කටයුතු කරනු ලැබේ.
ඒ අනුව මහවැලි බී කලාපයේ මුතුවැල්ල ඒකකයේ ඉඩම්,මහවැලි සී කලාපයට අයත් ගිරාඳුරුකෝට්ට,මහවැලි ඩී කලාපයට අයත් මැදිරිගිරිය සහ වලව කලාපයේ හඳුනාගත් ඉඩම් කොටස් කිහිපයක් සඳහා අභිලාෂයන් කැඳවන ලද ව්‍යපෘති සම්බන්ධව කටයුතු කරමින් පවතින අතර 2025 වර්ෂයේ ව්‍යාපාරික පැතිකඩ (Business Profile) අනුව හඳුනාගත් ඉඩම් සඳහා වරණිය පදනම යටතේ ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතී.
වරණිය පදනමින් ව්‍යපෘති ඉල්ලීම සඳහා අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය පහත දැක්වේ.
| අනු අංකය |
විස්තරය |
වගකීම |
| 01 |
ආයෝජකයා/ආයෝජක සමාගම විසින් විවිධ ව්‍යපෘති සදහා ඉල්ලීම් කරනු ලබන ඉඩම් ඉල්ලීම් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නිර්දේශ සහ ගරු විෂයභාර අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත ඉදිරිපත් කල යුතුය. |
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 02 |
- ව්‍යාපෘති යෝජනාව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද විධිමත් ආකෘතියට අනුකූලව ඉදිරිපත් කල යුතුය. (ඇමුණුම 01)
- (ව්‍යාපෘති වාර්තාව, ප්‍රධාන කාර්යාලයේ ව්‍යාපාර සංවර්ධන අංශය වෙතත්,ඉඩම ඉල්ලුම් කරනු ලබන කලාපයේ නේවාසික ව්යාපාර කළමනාකරණ කාර්යාලය වෙතත්, භෞතික සැලසුම් අනුමතය ලබාගැනීම සදහා ඉඩම් පරිහරණ සැලසුම් අංශය වෙතත් යොමුකිරිම සදහාත් වන පරිදී මෘදු පිටපත සමඟ දෘඩ පිටපත් 03ක් ඉදිරිපත් කල යුතුය)
|
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 03 |
සෑම ව්‍යාපෘති යෝජනාවක් සඳහාම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ නිර්දේශ ආයෝජක/ ආයෝජක සමාගම විසින් ලබාගත යුතුය. (ඇමුණුම 02) |
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 04 |
ගරු විෂයභාර අමාත්‍යවරයාගේ පුර්ව අනුමැතිය ලද ව්‍යාපෘති සඳහා නේවාසික ව්යාපාර කළමනාකරණ කාර්යාලය වෙතින් මුදල් ගෙවා ලබාගත්, (ඉඩම් අක්කරයක් සඳහා රුපියල් 1000.00ක් වන පරිදී ගෙවීම් කලයුතුය) අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කොට අදාළ කලාපයේ නේවාසික ව්යාපාර කළමනාකරණ කාර්යාලය වෙත බාර දිය යුතුය. (ඇමුණුම 03) |
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 05 |
ව්‍යාපෘතියේ පිරිවැය සහ ප්‍රතිලාභ විධිමත් ආකෘතියට අනුකූලව ඉදිරිපත් කළ යුතුය. (ඇමුණුම 04) |
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 06 |
ඉඩම් නියෝග 207.2(IX) දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුතුය. (ඇමුණුම 05) |
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| 07 |
- යෝජිත ව්‍යාපෘතියට අදාළ සමස්ථ ආයෝජන මුදලෙන් අවම වශයෙන් 35%ක් අතමුදල් ආයෝජකයා/ආයෝජක සමාගම සතුවන බව(ව්‍යාපෘතිය සහ ආයෝජකයාගේ ශඛ්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන සම්මුඛ පරීක්ෂණය පවත්වන දිනට ආසන්න මාස 06ක කාලයක් ඇතුළත දී ලබාගත්) බැංකු වාර්තා (Bank Statement) මඟින් සනාථ කළ යුතුය.
- (ආයෝජනයට අදාළ ඉතිරි මුදල් බැංකු ණය වශයෙන් හෝ සම්පාදනය කරගත හැක)
|
ආයෝජකයා/ ආයෝජක සමාගම විසින් වගකීම් දැරිය යුතු වේ. |
| ඉහත අවශ්‍යතා ආයෝජකයා විසින් සම්පූර්ණ කළයුතුය. අනතුරුව ඉඩම් ඉල්ලුම් කරනු ලබන කලාපයේ නේවාසික ව්‍යාපාර කලමනාකරණ කාර්යාලය විසින් පහත ලේඛණ සමඟ නේවාසික කළමනාකාර නිර්දේශය, අධ්‍යක්ෂ(ව්‍යාපාර සංවර්ධන) වෙත යොමුකළ යුතුය. |
| 08 |
- ඉඩම් ඉල්ලුම් කරනු ලබන කලාපයේ නේවාසික ව්‍යාපාර කලමනාකාර නිර්දේශය ඉදිරිපත් කිරීම.
- ආයෝජකයාගේ/ආයෝජක සමාගමේ ඉඩම් ඉල්ලීම් ලිපිය
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශය
- වරණීය පදනම යටතේ කටයුතු කිරීම සඳහා ගරු විෂයභාර අමාත්‍යවරයා විසින් ලබාදී ඇති පූර්ව අනුමැතිය
- නිසි ලෙස සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති අයදුම්පත්‍රය
- මුදල් ගෙවූ රිසිට්පත
- ඉඩම් නියෝග 207.2(IX) දිවුරුම් ප්‍රකාශය (17 වන ඉඩම් පරිශිෂ්ඨය)
- භෞතික සැලසුම් නිර්දේශය (ඇමුණුම 06 ආකෘතියට අනුව ඉදිරිපත් කලයුතුය)
- නේවාසික ව්‍යාපාර කලමනාකාර නිර්දේශය
|
නේවාසික ව්‍යාපාර කලමනාකාර |
| 09 |
භෞතික සැලසුම් අනුමැතිය |
අධ්‍යක්ෂ (ඉඩම් පරිහරණ සැලසුම්) |
| 10 |
- ආයෝජන ව්‍යාපෘති ඇගයීම් කමිටුව වෙත යොමු කිරීම. (ඇගයීම් නිර්ණායක- ඇමුණුම 07)
- අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම.
|
අධ්‍යක්ෂ(ව්‍යාපාර සංවර්ධන) |
| 11 |
අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලද ව්‍යපෘති සඳහා බදු අනුමැතිය ලබාගැනීම සහ ඉඩම් බැහැර කිරීම. |
අධ්‍යක්ෂ(ඉඩම්) |